“කොතලාවල පනත ස්ථිර වශයෙන්ම හකුළා ගත යුතුයි”

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත ස්ථිරවම හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් පසුගියදා (17දා) දින ජාතික ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදී. එහි තේමා පාඨය වූයේ ‘අධ්‍යාපනයේ නිවහල් චින්තනය පාගන කොතලාවල පනත මිලිටරී සංස්කෘතිය රටට එපා’ යන්නය.
නිරෝධායන නීති රීති අනුගමනය කරමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට ජවිපෙ නායකයන්, ජාතික ජන බලවේගයේ සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයන්, විද්වතුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.එහිදී ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසුවේ පසුගිය (08දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල පනත තුළ ප්‍රධානතම අරමුණ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම බවත් මෙය තාවකාලිකව නොව ස්ථිර වශයෙන්ම හකුළා ගත යුතු බවත්ය.
ඕනෑම රටක හමුදා නිලධාරීන්ට සිය අධ්‍යාපන හා පුහුණු වීම් සඳහා වෙනම අධ්‍යාපන පීඨයන් ක්‍රියාත්මක නමුත් ලංකාවේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බවත් ආණ්ඩුව කටයුතු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බාහිරව බවත්ය. එමෙන්ම මේ හරහා ඇති හැකි අයට පමණක් අධ්‍යාපන ‍ෙදාරටු විවර වන බවද ඔහු පෙන්වා දුන්නේය. එම නිසා ඇති හැකි හා නැති බැරි සියලු දෙනාට අධ්‍යාපන ‍ෙදාරටු විවෘත කළ යුතු බැවින් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය මිලිටරි සංස්කෘතියක් දක්වා ඇද දැමීමට කටයුතු නොකළ යුතු බවට මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.අනුරාධා හේරත් (www.mawbima.lk)

Related posts

ආණ්ඩුව හදන්නේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන තැනත් විනාශ කරන්න

“අධ්‍යාපනය මිලිටරිකරණය කරන ඊනියා කොතලාවල පනත සම්මත කරන්න ඉඩ දෙන්න එපා…! “

ආණ්ඩුව පළාත් සංචරණ සීමා දීර්ඝ කරන්නේ විරෝධතාවලට බියෙන්