ආණ්ඩුව පළාත් සංචරණ සීමා දීර්ඝ කරන්නේ විරෝධතාවලට බියෙන්

ආණ්ඩුව පළාත් සංචරණ සීමා පමණක් දීර්ඝ කර ඇත්තේ කොළඹට දැවැන්ත විරෝධතා රැලි පැමිණෙතැයි යන බියට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 

එසේ නොමැතිව කොවිඩ් – 19 මර්දනය කිරීමේ සද්භාවයෙන් ආණ්ඩුව ක්‍රියා නොකරන බවද මන්ත්‍රිවරිය “මව්බිම”ට ප්‍රකාශ කළාය. 

සංචරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් හා නිසියාකාරව සිදුවිය යුතු බව පවසන අමරසූරිය මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ දිනෙන් දින තීරණ හා සැලසුම් වෙනස් වීම මත මෙතෙක් එන්නත්කරණය ගැන විශ්වාසයක් ගොඩනැඟී නැති බවයි. 

රැකියා හා වැටුප් ප්‍රශ්න ඇතුළු ආර්ථික කරුණු හේතුවෙන් මේ වනවිට බොහෝ ක්‍ෂේත්‍රවල විරෝධතා මතුව ඇති බවත් ආණ්ඩුවේ සියලු පැති අසාර්ථක බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

Related posts

ආණ්ඩුව හදන්නේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන තැනත් විනාශ කරන්න

“කොතලාවල පනත ස්ථිර වශයෙන්ම හකුළා ගත යුතුයි”

“අධ්‍යාපනය මිලිටරිකරණය කරන ඊනියා කොතලාවල පනත සම්මත කරන්න ඉඩ දෙන්න එපා…! “