fbpx
Home News කොතලාවල සරසවි පනතින් අධ්‍යාපනය මිලිටරීකරණය වෙනවා

කොතලාවල සරසවි පනතින් අධ්‍යාපනය මිලිටරීකරණය වෙනවා

by Kumara Jayakody


පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා මෙරට අධ්‍යාපනය  මිලිටරිකරණය වන බව ජාතික  ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රිනි  ආචාර්ය  හරිනි අමරසූරිය  පවසයි.

ලෝකයේ කොහේ හෝ රටක  අධ්‍යාපනය හමුදාවකට භාර නොදෙන බවද මන්ත්‍රිවරිය අවධාරණය  කරයි

අධ්‍යාපනයේ මෙපමණ බරපතළ ප්‍රශ්න පවතිද්දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවට චෝදනා කළ අමරසූරිය මහත්මිය පැවසුවේ රනිල්, මෛත්‍රි ආණ්ඩුව මෙම  පනත ගෙනා මොහොතේ පැනනැඟුණු විරෝධය හේතුවෙන් එදා එය පාර්ලිමේන්තුවේ  සභාගත නොකළ නමුත්  මේ ආණ්ඩුව  නැවත එය ගෙනත් තිබෙන බවත් මේ තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තරව ත්‍රිවිධ හමුදාවේ පාලනය යටතේ උසස් අධ්‍යාපන පරිපාලන යාන්ත්‍රණයක් ඇති කරන බවයි. 

එය කොතලාවල විශ්වවිද්‍යාලයට පමණක් නොව වෙනත් උපාධි පිරිනමන ආයතනවලටද එමඟින් පාසල් පවා පවත්වාගෙන යන්න ඉඩ ලබා දෙන බවත් එය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙරට ස්ථාපිත කිරීමට සූදානම් වන බවත් පෙන්වා දුන් ඇය අවධාරණය  කළේ මේ තුළින් අධ්‍යාපනය මිලිටරිකරණය වන බවයි.

හමුදාවට  අවශ්‍ය පුහුණුවීම් කිරීමට වෙනම ආයතන පවත්වාගෙන යෑම ගැටලුවක් නොමැති නමුත් සිවිල් ජනතාවට අධ්‍යාපනය ලබාදීමට හමුදාව යෙදවීම තුළින් අධ්‍යාපනය විකෘති වන බව පැවසූ අමරසූරිය  මහත්මිය පැවසුවේ මින් උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන අරමුණු කරා කිසිසේත්ම යා නොහැකි සේම  අනෙක් පැත්තෙන් මහජන මුදලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යන්නත් සූදානම් වන අතර ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කිරීමක්ද  සිදුකරන බවයි.

එම නිසා මෙය නිදහස් අධ්‍යාපනයට පටහැනි ව්‍යූහයක් බැවින් මේ පනත වහාම හකුළා ගත යුතු යැයිද ඇය ආණ්ඩුවට වැඩිදුරටත්  අවධාරණය කර සිටියාය.

You may also like

Leave a Comment